A

News


ජනාධිපතිවරණය සාධාරණ බව ප්‍රකාශ කරන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයාට ආණ්ඩුවෙන් බරපතල පීඩනයක් එල්ල වූ බව වාර්තවේ. පෙබරවාරි 01 වැනි දින සවස ජනාධිපතිවරයාගේ කැඳවීමක් පිට අරලියගහ මන්දිරයට ගිය මැතිවරණ කොමසාරිස් දයානන්ද දිසානායක මහතා සහ ඔහුගේ බිරිද සමග ජනාධිපතිවරයා දීර්ඝ වේලාවක් සාකච්ඡා කොට තිබේ. එහිදී මැතිවරණය සාධාරණ බව ප්‍රකාශ කරන ලෙසටත් ඔහුගේ ඉල්ලා අස්වීම ඉවත්කර ගන්නා ලෙසටත් ජනාධිපතවරයා ඉල්ලා තිබේ. නමුත් මැතිවරණ කොමසාරිස්වරයා එය දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීමත් සමග සාකච්ඡාව දිග්ගැස්සී ඇති අතර 01 වැනි දින රාත්‍රියේ ඔවුන් දෙදෙනාට නිවෙස්බලා යාමට ඉඩ ලබා දී නොමැත.
 
පසු දිනද කොමසාරිස්වරයාගේ තීරණය වෙනස්වී නොතිබුණ හෙයින් බිරිද අරලියගහ මන්දිරයේ රඳවා නිවස බලා යාමට මැතිවරණ කොමසාරිස්වරයාට සිදුව තිබේ. ඔහු තනිව නිවස බලා ගියේද, නැතහොත් නිලධාරීන් විසින් ඔහුව නිවසට ඇරලුවේද යන්න පැහැදිලි නැත. 02 වැනිදා රාත්‍රියේ බිරිඳ අරලියගහ මන්දිරයේ රඳවා තබා සිටියදී ඔහු ඉතා කණගාටු දායක තත්වයක සිටි බව පැවසෙන අතර ඔහුගේ දුරකථනයද රහස් ඔත්තු සේවාවන් විසින් ''ටැප්" කරනු ලැබ තිබිණි.
 
අනතුරුව පසුදා (03) ඔහු ජනාධිපති කාර්යාලය අමතා තමා ජනාධිපතිවරයාට අවශ්‍ය ප්‍රකාශය සිදු කිරීමට සූදානම් බව දන්වා ඇති අතර එකඟතාව පරිදි මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්‍රකාශයට පුළුල් ප්‍රචාරයක් ලබාදීමට කටයුතු සූදානම් කෙරිණි. ඒ අනුව ඔහු ජනාධිපතිවරණය පැවැත්වූ ආකාරය පිළිබඳව ප්‍රසංශා මුඛයෙන් කතා කළ අතර තමා ඉල්ලා අස් නොවන බවද කියා සිටියේය. කෙසේ වුවද ඒ ප්‍රකාශය සිදුවන විටද දිසානායක මහත්මිය සිටියේ අරලියගහ මන්දිරයේ රඳවා තබාගෙනය.
 
ජනාධිපතිවරයාට සමීප ආරංචිමාර්ග අනුව මේ හෙළිදරව්ව සිදුකර තිබුණේ ලංකා ගාර්ඩියන් වෙබ් අඩවිය මගි


Blogger Templates by Isnaini Dot Com. Powered by Blogger and Supported by Lincah.Com - Nissan Cars