නිල් බලකාය විසින් අතවරයට ලක් කළ කාන්තාවගේ සුවදුක් බැලීමට මාතර රෝහලට ගිය අනෝමා ෆොන්සේකා මැතිණියට අද විශේෂ පොලිස් බලඇණියක් හා රහස් පොලිස් නිලධාරීන් විසින් බාධා කර ඇත. රහස් පොලිසිය හා එම ස්ථානයට යොදවන ලද විශේෂ පොලිස් බලඇණිය විසින් ඇයට පවසා ඇත්තේ මෙම කාන්තාව බැලීම සඳහා ඇයට රෝහලට ඇතුළුවීම වළක්වන ලෙස ඉහළින් නියෝග ලැබී ඇති බවයි.
නමුත් පොලිසියේ අදාල නියෝගයට විරෝධය දක්වා ඇති අනෝමා ෆොන්සේකා මැතිණිය විසින් තමන්ට එම කාන්තාවගේ සුවදුක් බැලීම සඳහා අනිවාර්යයෙන්ම යා යුතු බව පවසා ඇත. මේ අවස්ථාවේදී අනෝමා ෆොන්සේකා මැතිණිය සමඟ විශාල ජනකායක් එම ස්ථානයට රැස්ව ඇති අතර, මෙම පිරිසගේ විරෝධය හමුවේ අනෝමා ෆොන්සේකා මැතිණියට පමණක් ඇයව බැලීම සඳහා රෝහලට ඇතුළු වීමට අවසර දී ඇත. මේ අවස්ථාවේදී අනෝමා ෆොන්සේකා මැතිණියගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්ට ද ඇතුළුවීට පොලිසිය ඉඩ ලබා දී නැත.
මෙම සිදුවීම ආවරණය කිරීම සඳහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රැසක් එම ස්ථානයට රැස්ව සිටි නමුත් පොලිසිය පවසා ඇත්තේ එම ස්ථානයේ සිදු වන කිසිදු සිදුවීමක් ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට ඉඩ ලබා දින නොහැකි බවයි. පසුව අනෝමා ෆොන්සේකා මැතිණිය තනිව රෝහලට ගොස් ඇයගේ සුව දුක් විමසා ඇයට සිදුවූ අසාධාරණයට අදාල ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ඇයව දැනුවත් කර ඇත.
0 comments:
Post a Comment