එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති රුක්මන් සේනානායක මහතා අද එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට භාර දී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ රුක්මන් සේනානායක මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යාමට අපේක්ෂාවෙන් සිටියත් එම අපේක්ෂාව බිඳ වැටීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.
අද දහවල් රුක්මන් සේනානායක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති අතර, මේ සම්බන්ධයෙන් අද සවස රැස්වන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තීරණය කරනු ඇති අතර, මෙතෙක් ඒ සම්බන්ධයෙන් වූ අවසන් තීරණය ගෙන නැත.
0 comments:
Post a Comment