A

Monday, February 8, 2010

ජනරාල්ගේ නික්මයාම

විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස පසුගිය ජනාධිපතිවරනයට ඉදිරිපත් වු විශ්‍රාමික ජනරාල් සරත් ෆොන්සෙකා මහතා ඊයේ රාත්‍රියේ (08 වනදා ප.ව 10.30ට පමණ) යුධ හමුදා පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ජනරාල් අත් අඩංගුවට ගැනිමට ප්‍රධාන හේතුන් ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසන්නේ ජනාධිපතිට විරුද්දව කුමන්ත්‍රනය කිරිම, රාජකරි සමය තුල දෙශපාලනය, හමුදාව තුල බෙදිම් ඇති කිරිම ආදි කරුනු කිපයක් මුල් කර ගෙනය. ඇත්තේන්ම මෙම සිද්දිය අපි පිලිකුලෙන් යුතුව හෙලා දකින්නේමු. මේ රටේ දශක තුනකටත් වඩා වැදි කාලයක් පැවති කුරිරු ත්‍රස්ත්‍රවාදය අවසන් කිරිමට සක්‍රිය ලෙස දායක වු ජනරාල් සරත් ෆොන්සෙකා වැනි විරුවකුට මෙවැනි ආකාරයට සැලකිම කොතරම් නින්දිතද?
lanka News web අඩවිය සදහන් කරන ආකාරයට ජනරාල් අත් අඩංගුවට ගැනිමෙදි විරුද්දත්වය ප්‍රකාශ කිරිමේදි ඔහුව බිම දමා ඇදගෙන ගොස් වාහනයකට දමා ‍රැගෙන ගොස් ඇත.


එමෙන්ම lanka truth වෙබ් අඩවිය සදහන් කරන ආකාරයට ජනරාල් අත් අඩංගුවට ගැනිමෙන් පසුව දෛනිකව ලබා ගන්නා ඖෂධ ඒ මහතාට ලබා දීම ආරක්ෂක අංශ විසින් ප්‍රතික්ෂේපකර ඇති බව වාර්තාවේ.
මේ දේවල් කොයිතරම් නම් අසික්කිත වැඩද? යුද්ධය වෙනුවෙන් තම ජිවිතය ගැනද නොතකා තම රාජකරිය අකුරටම කරපු යුධ විරුවන් හට අයත් ඉරනම මේකද?
එහෙත් දළදා මාළිගාවට බොම්බ ගහපු, අරන්තලාවේ භික්සුන්වහන්සෙලා ඝාතනය කරපු අයට රජය සුර සැප සමග ආරක්ෂාවට අපේම හමුදාසෙබලූන් ලබාදෙන විට ත්‍රස්තයන්ට විරුද්ද උන යුධ විරුවන්ට ඔවුන්ගේ දිනපතා ලබා ගන්නා බෙහෙත් වේලවත් ලබා නොදි අත් අඩංගුවට ගෙන රදවා තබා ගැනිම කොතරම් සාදාරන දැයි ඔබම තිරනය කරන්න. අපේ රට ජාතිය වෙනුවෙන් හඩක් නගපු සැම විරුවෙකුටම අත්වන ඉරනම මේකද? .....


0 comments:


Blogger Templates by Isnaini Dot Com. Powered by Blogger and Supported by Lincah.Com - Nissan Cars