A

Sunday, January 31, 2010

මේක ඇත්තද.........

ජනාධිපතිවරනය ඉවරවෙලා දින කිපයක් ගතවුනත් එහෙන් මෙහෙන් ඇහෙන කට කතා නිසා මට මේ ලිපිය ලියන්න හිතුනා. මෙවර ජනාධිපතිපරනයේදි මහින්ද රාජපක්ෂ මහතා ඔහු හිතුවටත් වඩා වැඩි ඡන්ද ප්‍රමානයක් ලබාගෙන ජයග්‍රහනය කර තියෙනවා. සමහර මැති ඇමතිවරු කියලා තියනවලු මේ තරම් විශාල ඡද ප්‍රමානයකින් ජයගන්න බව දන්නවනම් වේදිකවේ උගුර ලේ රහ වෙනකම් කෑගහන්නේ නැතුව ගෙදරට වෙලා නිදාගන්නවා කියලා. ඒත් මේ ලැබි තියෙන්නේ සැබැ ජනමතයද? මෙම ජනමතය ගැන සැක සංකා සහිතව බලන්න පුලුවන් හෙතු කාරනා කිපයක් ඇත. ඉන් එක එක විමසා බලා මෙය සැබෑ ජනමතයදයි තිරනය කිරිම ඔබ සතුයි.

* වෙනදා ඡන්ද ප්‍රතිපල ලබා දුන්නේ මැතිවරන කොමසාරිස් තුමාගේ අත්සන සහිතව ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය වෙත ලබ දුන් පසු එම භුමියේ පිහිටි විවිද මාධ්‍ය ආයතන මගින් එම ප්‍රතිපලය ලබාගෙන මාධ්‍ය හරහා ජනතාවට ඉදිරිපත් කිරිමයි. නමුත් මෙදා ඉය සිදු කෙරුනේ ඉහත ආකාරයෙන් නොවේ. මෙදා සිදුකෙරුනේ ප්‍රතිපලය සජිවීව විකශය කිරිමට අවශ්‍ය මාධ්‍ය ආයතන මැතිවරන කොමසාරිස් දෙපර්තුමෙන්තුවට රු ලක්ෂ එකහමාරක් ගෙවා විශේශ ජාල පහසුකමක් ලබාගත යුතුව තිබුනා. මේ මගින් මැතිවරන කොමසාරිස්වරයාට ලැබෙන ප්‍රතිපල පරිඝනක ගතකර අදාල ජනමාධ්‍ය ආයතන වෙත ජාලකරනය හෙතුවෙන් ලබාදිමයි.

* වෙනදා ඡන්දය සදහා පරිඝනක සහාය ලබ ගැනිමට අවශ්‍ය නම් ඒ සහාය ලබා දෙනුයේ කොළබ විශ්ව විද්‍යාලයේ පරිඝනක අධ්‍යන අංශයයි. මෙදා ඔවුන්ගේ සහායද ලබා නොගෙන වෙනත් ආයතනයක සහාය ලබාගෙන ඇත.

*එමෙන්ම ප්‍රතිපල විකාශයේදි ඇතැම් දිස්ත්‍රික්කවල අවසන් ප්‍රතිපලය නිකුත් වුයේ ආසන ප්‍රතිපලය නිකුත් විමටත් ප්‍රතමවය.( උදා: කොළබ, රත්නපුර,බදුල්ල)

*26 වනදා රාත්‍රියේ මැතිවරන කොමසාරිස් දෙපර්තුමේන්තුවේ සිදු වුවා යැයි කියන ඇතැම් සිද්දි.කිසිම කෙනෙකු හට මැතිවරන කොමසාරිස් දෙපර්තුමේන්තුවට ඇතුල්විමට ඉඩලබා නොදිම.

*මැතිවරන කොමසාරිස් තම අවසන් ප්‍රතිපලය සජිවිව ප්‍රකාශයට පත් නොකිරිම.

*මැතිවරන කොමසාරිස්තුමාගේ ජනමාධ්‍ය ඇමතු කතාව. " මට මේ පාර ඡන්ද පෙට්ටියවත් ආරක්ෂා කරගන්න බැරි උනා" "මට මොනවා හරි උනොත් මම විතරයි" "මම ඉන්නේ ලොකු මානසික පිඩාවකින්" ආදි ප්‍රකාශ.
මෙම කරුනු එකින් එක විග්‍රහ කිරිමේදි සිදුවන්නේ ජනමතය කොල්ලකා ඇති බවක්ද? ඇත්ත දන්නේ මැතිවරන කොමසාරිස්තුමාය. මොනවා උනත් දැන් ප්‍රතිපලය ලැබි හමාරය. අපගේ ජනාධිපති ලෙස මහින්ද රාජපක්ෂ මහතා තව දුරටත් කටයුතු කරනු ඇත. එසේ නම් අප සැමට " සුභ අනාගතයක්"....

0 comments:


Blogger Templates by Isnaini Dot Com. Powered by Blogger and Supported by Lincah.Com - Nissan Cars