ඊයේ පස්වරුවේ "ලංකා" පුවත්පත් කාර්යාලයට මුද්‍රා තැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ලංකා ඉරිදා සංග්‍රහය සහ සති මැද ලංකා පුවත්පත මුද්‍රණය සහ පලකිරීම වාරණය කළ වාරණ නියෝගයක් ලංකා ෆාස්ට් පබ්ලිෂර් ආයතනයේ සාමාන්‍යාධිකාරිවරයාට ලබාදී තිබේ.
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ එම නියෝගයට අනුව පුවත්පත මගින් රාජ්‍ය ආරක්ෂාවට හානි පැමිණවිය හැකි සහ ත්‍රස්ත ව්‍යාපාර පිළිබඳව පවත්වාගෙන යනු ලබන විමර්ශණ වලට අදාල කරුණු අනාවරණය වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම නියෝගය නිකුත් කර තිබේ.
ඒ අනුව 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ වගන්ති 124 ප්‍රකාරව අධිකරණයට පැවරී ඇති බලතල අනුව ලංකා පුවත්පත අධිකරණයේ අවසරයකින් තොරව මුද්‍රණය කිරීම සහ පල කිරීම තහනම් කර තිබේ.
වැඩි විස්තර සදහා මෙතනින් යන්න.
0 comments:
Post a Comment