මේ දවස් කිපය තුලම ස්වර්ණවාහිණියට උණුසුම්ම පුවත බවට පත් උනේ කළුතරදි තම මව විසින් ගගට දැමු දරුවා පිලිබද පුවතයි. මේ රටේ සුවහසක් මවුවරු මෙමෙ පුවත අසා කම්පා වු බව නම් සැබැවකි. එහෙත් එම කතන්දරය පිටුපස ඇත්තේ ඉතාමත් දුක්මුසු තවත් එක් අසරන පවුලක් පිලිබද කතාවකි. එහෙත් නිවුස් නැතිව වේලි වේලි සිටි ස්වර්ණවාහිණිය වාගේ නාලිකා මේයින් ලබා ගත්තේ මහා හිරිකිත වාසියකි. රටේ වගකිවයුතු නාලිකාවක් හැටියට මෙය ඔවුනට තවත් එක් පුවතක් පමනක් වුවා මිස එම අසරණ පවුලට පිහිට විමට තරම් කාරුනික බවක් ඔවුන්ගේ එම නාලිකව තුල නොතිබිම මහා කනගාටුවකි. එම මව දරුවා ගගට දැම්මේ එදවේල සොයාගැනිමටවත් හැකියාවක් නොමැති වු නිසා බව එම පුවතින් පැහැදිලිවන සත්්‍යකි. එහෙත් ස්වර්ණවාහිණියට තිබුනේ එය ප්‍රවෘතියකට සිමා නොකොට එම පවුලට පිහිට විමට හෝ එම පවුලට පිහිට විම සදහා යම් කිසි අරමුදලක් පිහිට විමය. බොරුවට මෙගා ස්ටාස් යැයි කියමින් ලක්ෂ ගනනින් මුදල් වියදම් කරනවා වෙනුවට එවාගේ දෙයක් කරානම් ... සත්‍ය නම් අපේ රටේ බඩගිනෛද මැරෙන පිරිසක් සිටිමය. එම සත්‍ය ඕය සිත කාමර ඇතුලේ සිටින උදවියට නොපෙනිමය.. අනාථ දරුවන්ගැන වැඩසටහන් කිරිමට ඕනැතරම් අය සිටි. එහෙත් ඔවුන්හට පිහිටවිමට කිදෙනෙක් නම් ඉදිරිපත් වේද?.....
Monday, March 15, 2010
Friday, March 5, 2010
ජනරාල් සරත් ෆොන්සේකා මහතා රනිල් වික්‍රමසිංහට යැවු ලිපිය
රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා
නායක
එක්සත් ජාතික පක්‍ෂය
ගරු රනිල් වික‍්‍රමසිංහ මැතිතුමනි,
රටේ උද්ගත වී ඇති ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වාතාවරණය වෙනස් කිරීම සඳහා මැදිහත්වීම
මේ වන විට අප රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නිදහස ඉතාම බරපතළ අනතුරකට ගොදුරු වී ඇති බව පසුගිය දින කිහිපය තුළ සිදු වූ සිදුවීම්වලින් පෙනේ. විශේෂයෙන්ම මේ වන විට කිසිදු චෝදනාවකින් තොරව මා අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටීමට ආණ්ඩුව කටයුතු කර ඇත. තවමත් මට එරෙහිව චෝදනා පත‍්‍රයක් පවා ඉදිරිපත් කර නැති අතර මෙය පෞද්ගලික පලිගැනීමක් නොව රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදට එල්ල කළ බරපතළ ප‍්‍රහාරයක් බව ඕනෑම අයෙකුට පැහැදිලිව පෙනේ.
මෙම ප‍්‍රශ්නයට ගොදුරු වී ඇත්තේ මා සහ මට ආධාර උපකාර කළ අය පමණක් නොවේ. පසුගියදා 'ලංකා'පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා අත්අඩංගුවට ගත් අතර ඔහු නිදහස් කරන අවස්ථාවේදී අධිකරණය ප‍්‍රකාශ කළේ ඔහුට එරෙහි චෝදනා නැති බවයි.. ලංකා පුවත්පත තහනම් කිරීමටද ආණ්ඩුව උත්සාහ දරන ලදී. ප‍්‍රකට පුවත් වෙබ් අඩවියක් වන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදියකු වන ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැර ගෙන ගොස් ඇති අතර තවමත් ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් නැත. ආණ්ඩුව දරන මතයට වඩා වෙනස් මතයක් දැරූ රාජ්‍ය මාධ්‍යවල මාධ්‍යවේදීන්ට ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය නිකුත්වීමත් සමගම ආණ්ඩුවේ පලි ගැනීමේ හස්තයට ගොදුරු වීමට සිදුවී ඇත. ඇතැම් මාධ්‍යවේදීන් සේවයෙන් නෙරපා හැර ඇත. එමෙන්ම රාජ්‍ය ආයතන ගණනාවක ආණ්ඩුවට වඩා වෙනස් මත දරන පුද්ගලයින්ට ජනාධිපතිවරණයෙන් පසුව හිරි හැර කිරීම් වාර්තා විය. මේ වන තුරුත් තමන්ගේ සේවා ස්ථානවලට යා නොහැකි තරමට විශාල පිරිසකට තර්ජන එල්ල වී ඇත. තවමත් මෙම තත්වය යහපත් අතට හැරී නැත. මෙම සිදුවීම් විසින් පෙන්වනුයේ ආණ්ඩුවේ මර්දනය කෙතරම් වර්ධනය වන්නේද යන බවයි. එමෙන්ම එය කොතැනට ගමන් කරන්නේද යන බවයි.
වැඩි විස්තර සදහා මෙතැන කොටන්න
Posted by Ukussa at 7:40 AM 0 comments
Monday, March 1, 2010
සරත් ෆොන්සෙකා නිදහස් කිරිමට පෙත්සමක්
යුද හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කිසිදු චෝදනාවක් නොමැතිව රදවා තබාගෙන සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා රජයට බල කරමින් අන්තර්ජාල පෙත්සමක් අත්සන් තැබීමට ප්‍රජාතන්තවාදී ජාතික සන්ධානය අද කටයුතු කළේය.
මේ සදහා www.freesarathfonseka.com නමින් වෙබ් අඩවියක් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන කාර්යාලයේදී හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා විසින් අද පෙරවරුවේදී විවෘත කළේය. එහිදී පෙත්සම සදහා පළමු අත්සන අගවිනිසුරුවරයා විසින් තබන ලදී.
Posted by Ukussa at 2:05 AM 0 comments
Subscribe to:
Posts (Atom)