A

Sunday, February 21, 2010






ඒ මීට වසර 20 කට පෙර දිනකි. හරියටම කියන්නේ නම් ඒ 1990 පෙබරවාරි මස 18 දිනයි. ඔහුගේ ලියන මේසය මත ගෝතමාලානු මහා කවියකු හා විප්ලවවාදියකු වූ ඔටෝ රෙනෝ කැස්ටිලෝගේApolitical Intelectuals (අදේශපාලනික බුද්ධිමතුන්) නම් කවිය විය. ඔහුගේ ඒ ප‍්‍රියතම කවිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීම ඔහු අරඹා තිබුණා පමණි. එය අවසන් කර නොතිබිණි.

අදේශපාලනික බුද්ධිමතුනි
යම් දිනෙක,
මගේ රටේ වෙසෙන,
එදාවේල යාන්තමින් දිවි ගැට ගහගන්නා
සාමාන්‍ය මිනිසුන් පැමිණ ඔබව ප‍්‍රශ්න කරාවි.....
මගේ රට
සෙමෙන් ඇවිළෙන
ගිනි දලූවක් සේ
බිඳෙන් බිඳ මියැදෙන අතර
ඔබකළේ කුමක්දැයි
ඔවුන් ඔබෙන් විමසාවි........
ඒ කවියේ දළ අර්ථය වූයේ එයයි. ඒ කවිය ලියූ ඔටෝ රෙනෝ කැස්ටිලෝ සමාජවාදී සමාජයක් වෙනුවෙන් ගෝතමාලාවේ කඳුකර බිම්වල ගරිල්ලා සටනේ නිරතවී 1967 දී සතුරන් අතින් මැරුම් කෑවේය. ඒ 1967 මාර්තු මාසයේදීය. ඊට වසර 23 කට පසුව එළඹි පෙබරවාරියේදී කැස්ටලෝගේ කවියට පෙම්බැඳි තවත් කලාකරුවකු, මාධ්‍යවේදියකු, මානවහිතවාදියකු, කැන්ටලෝගේ රටට කිලෝමීටර් දසදහස් ගණනක් දුරින් පිහිටි ශ‍්‍රී ලංකාවේදී සමාන්තර ඉරණමකට ගොදුරුවන බව ලෝකයා දැනසිටියේ නැත. ඔටෝ රෙනෝ කැස්ටිලෝ සතුරු හමුදා ග‍්‍රහණයට පසුව දින හතරක් පුරා දසවධදී පුලූස්සා මරා දමනු ලැබීය. එලෙසම රිචඞ් ද සොයිසා නම් ශ‍්‍රී ලාංකීය මාධ්‍යවේදියා සහ කලාකරුවා නාඳුනන තුවක්කුකරුවන් ලෙස හඳුන්වනු ලැබූ රාජ්‍ය අනුග‍්‍රහය ලත් නොනිල සන්නද්ධ කල්ලියක් අතින් ඝාතනයට ලක්විය.
රිචඞ් ද සොයිසා උපත ලැබුවේ කොළඹදීය. ඔහුගේ පියා සිංහල ජාතිකයකු වූ අතර මව දෙමළ ජාතික වෛද්‍යවරියකි. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ඔහු ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයට හා කලා ක්ෂේත‍්‍රයට අවතීර්ණ විය. එහු ඒ ක්ෂේත‍්‍ර තුළ නොමැකෙන මතක සටහන් ස්ථාපිත කළේය. එක් පැත්තකින් රිචඞ් ඉංග‍්‍රීසි වේදිකා නාට්‍ය නළුවෙකි. ලයනල් වෙන්ඞ් වේදිකාව මත ඔහ සම්භාව්‍ය ඉංග‍්‍රීසි නාට්‍යකලාවේ නව මානයන් සනිටුහන් කළේය. එපමණක් නොව ඔහු කවියෙක් හා ලේඛකයෙක් විය. විදේශීය රුඩිකල් කවීන්ගේත්,ප‍්‍රගතිශීලි ලේඛකයන්ගේත් බොහෝ කවි හා ලේඛන ඔහු අතින් සිංහල භාෂාවට පබරිවර්තනය විය. එමෙන්ම ඔහු සති අන්ත ඉංග‍්‍රීසි පුවත්පත්වලට කවි ලීවේය. මේ අතර ජාතික රූපවාහිනියේ ආරම්භයේ සිටම පාහේ එහි ඉංග‍්‍රීසි ප‍්‍රවෘත්ති නිවේදයකු ලෙස රිචඞ් කටයුතු කළේය. ඔහු ප‍්‍රවෘත්ති ඉදිරිපත් කළ චතුර උච්චාරණ ශෛලියත්, ඔහුගේ නිදහස් අංග බලන ශෛලියත් අදත් බොහෝ දෙනෙකුට අමතවී නැත.
ඉංග‍්‍රීසි වේදිකා නාට්‍ය රසිකයන්, රූපවාහිනී ඉංග‍්‍රීසි ප‍්‍රවෘත්ති පේ‍්‍රක්ෂකයන් වැනි එක්තරා ස්ථාවරයක් පමණක් දැන සිටි රිචඞ් ද සොයිසා මෙරට සාමාන්‍ය ජනතාව අතරට පිවිසියේ සිංහල චිත‍්‍රපටයක රඟපෑමට ඔහු තීරණය කිරීමත් සමගය. 1983 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියා, මහගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ තුන් ඈඳුතු නවකතාවේ අවසන් කොටස වන යුගාන්තයසිනමාවට නැංවීය. යුගාන්තයේ තේමාව වී ඇත්තේ ලාංකීය ධනපති පන්තියේ ප‍්‍රථමයන්ගේ දරුවන්, විදේශගතව අධ්‍යාපනය ලබා, මෙරටට පැමිණ වාමාංශික දේශපාලනය ආරම්භ කිරීමයි. ඒ අනුව නිර්දය ලෙස පීඩිතයන් සූරාකන ධනපතියා වන සවිමන් කබලානගේ චරිතය ප‍්‍රවීණ රංගන ශිල්පී ගාමිනී ෆොන්සේකා විසින් නිරූපණය කළ අතර ඔහුගේ රැුඩිකල් පුත‍්‍රයා වන මාලින්ගේ චරිතය නිරූපණය කළේ රිචඞ් ද සොයිසාය. වාමංශික අදහස් දරන පියාගේ සූරාකෑමට ලක්වූවන් වෙනුවෙන් සටන් කරන, වෘත්තීය සමිති නිර්මාණය කරන මාලින්ගේ චරිතය සිය විශ්වාසයන්ට හා අපේක්ෂාවන්ට බොහෝ සමීප බව පසුව රිචඞ් පවසා තිබිණි.
1983 න් පසුව ලංකාවේ ඉතිහාසය වෙනස් මඟක් ගත්තේය. ඒකාධිපති ජේ. ආර්. ආණ්ඩුව වාමාංශික දේශපාලන පක්ෂ තහනම් කළේය. කම්කරු, ගොවි, ශිෂ්‍ය ව්‍යාපාරයන්ට එරෙහි මර්දනය ඇරඹුවේය.1987 දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමග මේ තත්ත්වය තවත් උත්සන්න විය. නැගී එන ජනතා විරෝධය පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මුහුණ දුන්නේ මර්දනයෙනි. අතිශය සංවේදි කලාකරුවකු හා රැුඩිකල් ලක්ෂණ සහිත මානව හිතවාදියකු වූ රිචඞ් තත්වය හමුවේ නිහඬව සිටීමට කැමැති වූයේ නැත. එම නිහඬතාවය යම් දිනෙක රටේ පොදු ජනතාව විසින් ප‍්‍රශ්න කරන බව ඔහු විශ්වාස කළේය. 1967 දී ගෝතමාලාවේ වනාන්තරයක මරණය වැලඳගත් කැස්ටිලෝ පැවැසූ අදහස ඔහුගේ සිතේ කා වැදී තිබිණි. ඒ නිසා ඔහු නිහඬවීමේ මාවත වෙනුවට ක‍්‍රියාකාරීවීමේ මාවත තෝරා ගත්තේය. ඔහු අක‍්‍රීයවීම වෙනුවට සටන් වැදීම තෝරාගත්තේය.
ඒ අනුව රිචඞ් ක‍්‍රමානුකූලව ප‍්‍රගතිශීලි, වාමාංශික දේශපාලනය වෙත නැඹුරු විය. ඔහු රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් ලිවීම ඇරඹුවේය. කලා කෘති නිර්මාණය කිරීම ඇරඹුවේය. මාධ්‍යවේදියකු හා කලාකරුවකු ලෙස පමණක් දක්වන දායකත්වය ප‍්‍රමාණවත් නොවන බව දුටු රිචඞ් මානව හිමිකම් ක‍්‍රියාධරයකු ලෙස සටනට පිවිසියේය. ඔහු වධ හිංසාවන්ට ගොදුරු වූවන් සොයා ගියේය. අතුරුදන් කරනු ලැබූවන්ගේ ඥාතීන් සොයා ගියේය. ඒකාධිපතිත්වය විසින් විවිධාකාර තර්ජන එල්ල වන තත්වයක් යටතේදීත් ශ‍්‍රී ලංකාවේ සිදුකෙරෙන මර්දනය ගැන ලෝකය දැනුවත් කළේය. විදෙස් මාධ්‍ය මේ ජනසංහාරය ගැන බොහෝ දෑ දැනගත්තේ ඔහුගෙනි. 1989 අගභාගය වන විට ජීවිත හැට දහසක් පමණ බිලිගත් බියකරු මර්දනය ලෝකයට පැවැසීමේ හඬ වූයේ රිචඞ්ය. ඒ නිසා පාලකයන්ගේත් ඔවුන්ගේ අනුග‍්‍රහය ලැබූ සන්නද්ධ මැරකල්ලිවලත් වෛරය ඔහු වෙත යොමු විය.
1990 පෙබරවාරි 18 වැනිදා අලූයම සිය මව වන මනෝරානී සරවනමුත්තු මහත්මිය සමග රිචඞ් විසූ නිවසට කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායමක් රිචඞ් ද සොයිසා පැහැරගෙන ගියේය. ඔහු ගෙන යෑම පිළිබඳ කිසිදු පැහැදැළි කිරීමක් කර තිබුණේ නැත. රිචඞ්ගේ මව බියට පත්වි වහාම වැලිකඩ පොලිසියට ගොස් මේ ගැන පැමිණිල්ලක් කළාය. එහෙත් කිසිදු තොරතුරක් නොවීය. 1990 පෙබරවාරි 19 දා උදෑසන මොරටුව මුහුදු වෙරළට සිරුරක් ගොඩගසා තිබිණි. ඒ සිරුර රිචඞ් ද සොයිසාගේය. ඔහුගේ හිසට හා බෙල්ලට වෙඩි තබා තිබූ අතර අතක් බිඳ දමා තිබිණි.
රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් පෙනී සිටි වරදට, මේ සමාජ ක‍්‍රමය වෙනස් කළ යුතු යැයි පැවැසූ වරදට ප‍්‍රවීණ මාධ්‍යවේදියකු, කලාකරුවකු හා ජනමාධ්‍යවේදියකු දැයෙන් උදුරාගැනීමට පාලකයන් කටයුතු කර තිබිණි. රිචඞ් මරා දැමූ දිනවලම ඔහුගේ මව පවසා සිටියේ රිචඞ් පැහැර ගැනීමට පැමිණි අය අතරින් දෙදෙනෙකු හඳුනාගත හැකි බවය. නමුත් පොලිසිය සැකකරුවන් කිසිවෙකු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට අසමත් විය. මාස තුනකට පසුව මනෝරානී සරවනමුත්තු මහත්මිය රූපවාහිනී නරඹමින් සිටියදී සිය පුත‍්‍රයා පැහැර ගැනීමට පැමිණි පිරිසෙන් එක් අයකු රූපවාහිනී දර්ශනයක දුටුවාය. පසුව ඇය ඒ පිළිබඳව සිය නීතිඥයා හරහා පොලිසියට හා අධිකරණයට දැන්වූවාය. ඉන් පසුව ඇයටත් නීතිඥයන්ටත් මරණ තර්ජන එල්ල විය. රූපවාහිනියේ පෙනී සිටි පුද්ගලයා පොලිසියේ ඉහලම නිලධාරියෙකි. නමුත් ඔහුට එරෙහිව කිසිදු පියවරක් ගනු ලැබුවේ නැත. පැමිණිල්ල ඉවත විසිකෙරිණි. මානවහිමිකම් ක‍්‍රියාකාරිනියක බවට පත්වී අතුරුදන් වූවන් වෙනුවෙන් කටයුතු කිරීම ඇරඹූ රිචඞ්ගේ මව වන වෛද්‍ය මනෝරානී සරවනමුත්තු මහත්මිය 2004 දී මියගියාය.
රිචඞ්ගේ මරණයට වගකිවයුත්තන් ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලද රංචාගොඩ, දේවසුරේන්ද්‍ර හා සරත්චන්ද්‍ර යන පොලිස් නිලධාරීන් සාක්ෂි නැතිවීම නිසා 2005 දී නිදහස් විය. රිචඞ් ද සොයිසා මරා දැමුවේ කවුරුන්දැයි මුළු රටම දැන සිටියත් වරදකරුවකු නැතිව එම සිදුවීම කාලයේ වැලිතලාවට යටවිය. එහෙත් රිචඞ් ද සොයිසාගේ නාමය එලෙස යටපත් කළ නොහැකිය. රූපවාහිනී නිවේදකයෙකු ලෙසද,කලාකරුවකු ලෙසද තමන්ට සමීප වූ මේ තරුණයා පිළිබඳ මතකය ශ‍්‍රී ලාංකිකයන් කෙරෙන් ගිලිහී ගොස් නැත.
අද රිචඞ්ගේ මරණයෙන් විසිවසරකට පසුව යළිත් ඒකාධිපති, මර්දනකාරී පාලනයක ලකුණු විද්‍යාමාන වෙමින් පවතී. අදත් සිය නිදහස් අදහස් ලියන මාධ්‍යවේදීන් වෙත මර්දනයේ හස්තය දිගුවෙමින් තිබේ. මේ ඔහු වැනි නිර්භීත ජනමාධ්‍යවේදීන්, මානව හිතවාදීන් සිය ගණනක් අවශ්‍ය මොහොතකි. අප රිචඞ් සිහිපත් කරන්නේ ඒ අවශ්‍යතාවය සැපිරීම පිළිබඳ අධිෂ්ඨානය හා අපේක්ෂාවද සිත්හි දරාගෙනය. මේ බියකරු ඉරණම ඉදිරිපිට නිහඬව සිටින හැමදෙනාටම අපට පැවැසිය හැක්කේ රිචඞ් වඩාත් ප‍්‍රියකළ කැස්ටිලෝගේ කවියේ මේ අවසන් කොටසයි.
පීඩිතයන්
දුකින් පෙළෙන විට
ඔවුන්ගෙ ජීවිත
කෙමෙන් දැවෙන විට
ඔබ කළේ මොනවාද?”
මගේ ආදරණීය මවුබිමේ
අදේශපාලනික බුද්ධිමතුනි
ඔබට ඊට පිළිතුරු නැත
නිහඬත්වයේ ගිජු ළිහිණියන්
ඔබේ ධෛර්යය ගිල ගනු ඇත.
ඔබේම කාලකන්නිකම
ඔබේම ආත්මය වනසනු ඇත
ලැජ්ජාවෙන් ඔබ ගොළුවනු ඇත.......
මගේ රටේ
අදේශපාලනික බුද්ධිමතු

උපුටා ගැනිම lankatruth web අඩවියෙනි

Friday, February 19, 2010

එකට කැවත් බොක්ක වෙනස්ලු.....

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනවිරත්න මහතා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව රහස් පොලීසියට කටඋත්තරයක් ලබාදී ඇති බව “ලංකාටෲත්” වෙත ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගන්නට ලැබී තිබේ.
වාර්තාවන ආකාරයට, සෙනවිරත්න මහතා ඊයේ (18) රහස් පොලීස් නිලධාරීන් පිරිසක් හමුවේ මෙම කටඋත්තරය ලබාදී තිබේ. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියදී තමන් සමග දේශපාලන සබඳතා පැවැත්වූ බවට සෙනවිරත්න මහතා මෙම කටඋත්තරය ලබාදී ඇත. එමෙන්ම දැනට ආණ්ඩුව හා එක්ව සිටින එක්සත් ජාතික පක්ෂ හිටපු ක්‍රියාකාරිකයකුවන ටැක්සි අබේ නොහොත් ගාමිණි
අබේරත්න ද ජෙනරාල්වරයාට එරෙහිව මෙලෙස කටඋත්තර ලබාදී තිබේ

Monday, February 8, 2010

ජනරාල්ගේ නික්මයාම

විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස පසුගිය ජනාධිපතිවරනයට ඉදිරිපත් වු විශ්‍රාමික ජනරාල් සරත් ෆොන්සෙකා මහතා ඊයේ රාත්‍රියේ (08 වනදා ප.ව 10.30ට පමණ) යුධ හමුදා පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ජනරාල් අත් අඩංගුවට ගැනිමට ප්‍රධාන හේතුන් ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසන්නේ ජනාධිපතිට විරුද්දව කුමන්ත්‍රනය කිරිම, රාජකරි සමය තුල දෙශපාලනය, හමුදාව තුල බෙදිම් ඇති කිරිම ආදි කරුනු කිපයක් මුල් කර ගෙනය. ඇත්තේන්ම මෙම සිද්දිය අපි පිලිකුලෙන් යුතුව හෙලා දකින්නේමු. මේ රටේ දශක තුනකටත් වඩා වැදි කාලයක් පැවති කුරිරු ත්‍රස්ත්‍රවාදය අවසන් කිරිමට සක්‍රිය ලෙස දායක වු ජනරාල් සරත් ෆොන්සෙකා වැනි විරුවකුට මෙවැනි ආකාරයට සැලකිම කොතරම් නින්දිතද?
lanka News web අඩවිය සදහන් කරන ආකාරයට ජනරාල් අත් අඩංගුවට ගැනිමෙදි විරුද්දත්වය ප්‍රකාශ කිරිමේදි ඔහුව බිම දමා ඇදගෙන ගොස් වාහනයකට දමා ‍රැගෙන ගොස් ඇත.


එමෙන්ම lanka truth වෙබ් අඩවිය සදහන් කරන ආකාරයට ජනරාල් අත් අඩංගුවට ගැනිමෙන් පසුව දෛනිකව ලබා ගන්නා ඖෂධ ඒ මහතාට ලබා දීම ආරක්ෂක අංශ විසින් ප්‍රතික්ෂේපකර ඇති බව වාර්තාවේ.
මේ දේවල් කොයිතරම් නම් අසික්කිත වැඩද? යුද්ධය වෙනුවෙන් තම ජිවිතය ගැනද නොතකා තම රාජකරිය අකුරටම කරපු යුධ විරුවන් හට අයත් ඉරනම මේකද?
එහෙත් දළදා මාළිගාවට බොම්බ ගහපු, අරන්තලාවේ භික්සුන්වහන්සෙලා ඝාතනය කරපු අයට රජය සුර සැප සමග ආරක්ෂාවට අපේම හමුදාසෙබලූන් ලබාදෙන විට ත්‍රස්තයන්ට විරුද්ද උන යුධ විරුවන්ට ඔවුන්ගේ දිනපතා ලබා ගන්නා බෙහෙත් වේලවත් ලබා නොදි අත් අඩංගුවට ගෙන රදවා තබා ගැනිම කොතරම් සාදාරන දැයි ඔබම තිරනය කරන්න. අපේ රට ජාතිය වෙනුවෙන් හඩක් නගපු සැම විරුවෙකුටම අත්වන ඉරනම මේකද? .....


Sunday, January 31, 2010

මේක ඇත්තද.........

ජනාධිපතිවරනය ඉවරවෙලා දින කිපයක් ගතවුනත් එහෙන් මෙහෙන් ඇහෙන කට කතා නිසා මට මේ ලිපිය ලියන්න හිතුනා. මෙවර ජනාධිපතිපරනයේදි මහින්ද රාජපක්ෂ මහතා ඔහු හිතුවටත් වඩා වැඩි ඡන්ද ප්‍රමානයක් ලබාගෙන ජයග්‍රහනය කර තියෙනවා. සමහර මැති ඇමතිවරු කියලා තියනවලු මේ තරම් විශාල ඡද ප්‍රමානයකින් ජයගන්න බව දන්නවනම් වේදිකවේ උගුර ලේ රහ වෙනකම් කෑගහන්නේ නැතුව ගෙදරට වෙලා නිදාගන්නවා කියලා. ඒත් මේ ලැබි තියෙන්නේ සැබැ ජනමතයද? මෙම ජනමතය ගැන සැක සංකා සහිතව බලන්න පුලුවන් හෙතු කාරනා කිපයක් ඇත. ඉන් එක එක විමසා බලා මෙය සැබෑ ජනමතයදයි තිරනය කිරිම ඔබ සතුයි.

* වෙනදා ඡන්ද ප්‍රතිපල ලබා දුන්නේ මැතිවරන කොමසාරිස් තුමාගේ අත්සන සහිතව ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය වෙත ලබ දුන් පසු එම භුමියේ පිහිටි විවිද මාධ්‍ය ආයතන මගින් එම ප්‍රතිපලය ලබාගෙන මාධ්‍ය හරහා ජනතාවට ඉදිරිපත් කිරිමයි. නමුත් මෙදා ඉය සිදු කෙරුනේ ඉහත ආකාරයෙන් නොවේ. මෙදා සිදුකෙරුනේ ප්‍රතිපලය සජිවීව විකශය කිරිමට අවශ්‍ය මාධ්‍ය ආයතන මැතිවරන කොමසාරිස් දෙපර්තුමෙන්තුවට රු ලක්ෂ එකහමාරක් ගෙවා විශේශ ජාල පහසුකමක් ලබාගත යුතුව තිබුනා. මේ මගින් මැතිවරන කොමසාරිස්වරයාට ලැබෙන ප්‍රතිපල පරිඝනක ගතකර අදාල ජනමාධ්‍ය ආයතන වෙත ජාලකරනය හෙතුවෙන් ලබාදිමයි.

* වෙනදා ඡන්දය සදහා පරිඝනක සහාය ලබ ගැනිමට අවශ්‍ය නම් ඒ සහාය ලබා දෙනුයේ කොළබ විශ්ව විද්‍යාලයේ පරිඝනක අධ්‍යන අංශයයි. මෙදා ඔවුන්ගේ සහායද ලබා නොගෙන වෙනත් ආයතනයක සහාය ලබාගෙන ඇත.

*එමෙන්ම ප්‍රතිපල විකාශයේදි ඇතැම් දිස්ත්‍රික්කවල අවසන් ප්‍රතිපලය නිකුත් වුයේ ආසන ප්‍රතිපලය නිකුත් විමටත් ප්‍රතමවය.( උදා: කොළබ, රත්නපුර,බදුල්ල)

*26 වනදා රාත්‍රියේ මැතිවරන කොමසාරිස් දෙපර්තුමේන්තුවේ සිදු වුවා යැයි කියන ඇතැම් සිද්දි.කිසිම කෙනෙකු හට මැතිවරන කොමසාරිස් දෙපර්තුමේන්තුවට ඇතුල්විමට ඉඩලබා නොදිම.

*මැතිවරන කොමසාරිස් තම අවසන් ප්‍රතිපලය සජිවිව ප්‍රකාශයට පත් නොකිරිම.

*මැතිවරන කොමසාරිස්තුමාගේ ජනමාධ්‍ය ඇමතු කතාව. " මට මේ පාර ඡන්ද පෙට්ටියවත් ආරක්ෂා කරගන්න බැරි උනා" "මට මොනවා හරි උනොත් මම විතරයි" "මම ඉන්නේ ලොකු මානසික පිඩාවකින්" ආදි ප්‍රකාශ.
මෙම කරුනු එකින් එක විග්‍රහ කිරිමේදි සිදුවන්නේ ජනමතය කොල්ලකා ඇති බවක්ද? ඇත්ත දන්නේ මැතිවරන කොමසාරිස්තුමාය. මොනවා උනත් දැන් ප්‍රතිපලය ලැබි හමාරය. අපගේ ජනාධිපති ලෙස මහින්ද රාජපක්ෂ මහතා තව දුරටත් කටයුතු කරනු ඇත. එසේ නම් අප සැමට " සුභ අනාගතයක්"....

Saturday, January 30, 2010

60% කින් දිනුව නම් පත්ත‍ර කන්තෝරු වහන්නේ ඇයි? - මංගල සමරවීර

ජනාධිපතිවරණයෙන් 60% ක ජන වරමක් ලැබුවා යැයි පවසන ආණ්ඩුව මේවන විට සත්‍ය කතාකරන පුද්ගලයන් සහ ආයතන දඩයම් කරමින් සිටින බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශ්වයේ නායක මංගල සමරවීර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ මුද්‍රා තැබූ ලංකා පුවත්පත් කාර්යාලය නිරීක්ෂණය කිරීමට පැමිණිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, "මීට දින කිහිපයකට ප්‍රථම පැවැති ජනාධිපතිවරණයේ පැහැදිලිවම සැබෑ ජන මතය විකෘති කළා, ඒ නිසාම රාජපක්ෂ ආණ්ඩුව ජයග්‍රාහී ආණ්ඩුවක් ලෙස කටයුතු නොකර සත්‍ය කතා කරන පුද්ගලයන් වෙනුවෙන් ආයතනයන් වෙනුවෙන් මහා දඩයමක් ආරම්භ කරලා තියනවා. ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව දඩයමක් ආරම්භ කර තිබෙනවා. ඉඩියමින්ගේ මුගන්ඩා පාලනයේ මුල සමය හා සමාන ම්ලේච්ච පැසිට් පන්නයේ පාලනයක් ආරම්භ කර තිබෙනවා මීට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනා නැගී සිටිය යුතුයි." යැයිද ප්‍රකාශ කළේය

මාධ්‍ය නිදහස

ඊයේ පස්වරුවේ "ලංකා" පුවත්පත් කාර්යාලයට මුද්‍රා තැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ලංකා ඉරිදා සංග්‍රහය සහ සති මැද ලංකා පුවත්පත මුද්‍රණය සහ පලකිරීම වාරණය කළ වාරණ නියෝගයක් ලංකා ෆාස්ට් පබ්ලිෂර් ආයතනයේ සාමාන්‍යාධිකාරිවරයාට ලබාදී තිබේ.
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ එම නියෝගයට අනුව පුවත්පත මගින් රාජ්‍ය ආරක්ෂාවට හානි පැමිණවිය හැකි සහ ත්‍රස්ත ව්‍යාපාර පිළිබඳව පවත්වාගෙන යනු ලබන විමර්ශණ වලට අදාල කරුණු අනාවරණය වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම නියෝගය නිකුත් කර තිබේ.
ඒ අනුව 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ වගන්ති 124 ප්‍රකාරව අධිකරණයට පැවරී ඇති බලතල අනුව ලංකා පුවත්පත අධිකරණයේ අවසරයකින් තොරව මුද්‍රණය කිරීම සහ පල කිරීම තහනම් කර තිබේ.
වැඩි විස්තර සදහා මෙතනින් යන්න.

Friday, January 8, 2010

ශ්‍රි ලංකා වරාය අධිකාරියේ හපන්කම්

ශ්‍රි ලංකා වරාය අධිකාරියේ හපන්කම්.
මට මේ ලිපිය කියවන්නට ලැබුනේ www.anticorruptsl.com නැමති වෙබ් අඩවියේ තිබිලා.
මේ ලිපියේ සදහන්කර ඇති ආකාරයට රාජපක්ෂ පරපුර මගින් වරායට රු කෝටි 1000 ක්පමන අහිමි කිරිමට සමත් වෙලා.
එම ලිපියේ තිබු ආකරයට 2007 වසරේදි වරාය ලබා තිබු ශුද්ධ පාඩුව රුපියල් මිලියන1850ක ප්‍රමානය 2008 වනවිටදි රිපියල් මිලියන 10,035ක් දක්වා වැඩි වි ඇත.එනම් එය 2007 වසරට වඩා හත්ගුනයකින් ඉහල ගොස් ඇත.
මේ පිලිබද වැඩි විස්තර හා තවත් රසවත් ගැහිලිගැන දැනගන්න අවශ්‍යනම් www.anticorruptsl.com යන වෙබ් අඩවියට පිවිසෙන්න. ...... හොද හොද සෙල්ලං එලිවෙන යාමෙටලු. :-)



Blogger Templates by Isnaini Dot Com. Powered by Blogger and Supported by Lincah.Com - Nissan Cars