A

Monday, April 19, 2010

උදාර මිනිසකුගේ ආදර්ශය......

අලුත් අවුරුද්දත් ගෙවිගොස් අවසානය. දැන් තියෙන්නේ අලුත් අවුරුද්දේ අලුත් විදියට වැඩ පටන් ගැනිමය. මට මේ ලිපිය ලියන්න හිතුනේ අලුත් අවුරුද්දේ ගෙදරම හිටිය නිසා ටිකක් වැඩිපුර ටි.වි බලන්න පුලුවන් උනා. මෙතනදි මම දැකපු හොදම දෙය තමයි අපේ රටේ ප්‍රධාන පුරවැසියා වන ජනපති මහින්ද රාජපක්ෂ මහතා අවුරුදු චාරිත්‍ර ඉ‍ටුකරපු ආකාරය ප්‍රසංසනියයි. මහින්ද රාජපක්ෂ මහතා පහුගිය අවුරුදු කිපයේම මේ චාරිත්‍ර ඉ‍ටුකලේය. වෙනදා නම් මට මතක හැටියට රාජ්‍ය නායකයකු අවුරුදු චාරිත්‍ර ඉ‍ටු කරනවා මම දු‍ටුවේ ප්‍රේමදාස මහතා පමනක් බව මාගේ වැටහිමයි. අනිකුත් රාජ්‍ය නායකයින් අවුරුදු කාලයට සැපපහසු රට සවාරි ගොස් බොරුවට අවුරුදු පනිවිඩයක් පමනක් නිකුත් කරයි. එහෙත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා අවුරුදු කාලය තුල ජනතාවත් සමග ගැවෙසෙමින් නියම ශ්‍රි ලංකිකයකු වශයෙන් අලුත් අවුරුදු චාරිත්‍ර පසුගිය වර්ෂ කිපය ම ඉ‍ටුකලේය. මෙය අගය කලයුතු කටයුත්තකි. අපට අවැසි අපේකම හදුනන නායකයකු හිදිම ගැන එක අතකින් අපට සතු‍ටු වියහැක. මේ උදාර මිනිසාගේ තවත් සත් කර්ය්‍යක් ලෙස මා දකිනුයේ සැම පොහොය දිනකම අරලියගහ මැදුරේ පැවැත්වෙන ධර්ම දේශනාවයි. මට මතක විදියට පසුගිය අවුරුදු කිපයේ සැම දිනකම පාහේ මෙම ධර්ම දේශනාව පැවැත්වන ලදි. ඒ සැම දිනයකම පාහේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා එම ධර්ම දේශනාවට සහබාගි වු බව මාගේ මතකයයි. ( මට හිතෙන විදියට මෙම නායකයා පොහොය දා කිසිම දවසක විදේශ සංචාරයකට සහභාගි වි නොමැති බව මගේ මතකයයි.) ඉතින් මෙහෙවු ගුණගරුක රාජ්‍ය නායකයකු අපට ලැබිමත් එය අපගේ වාසනාවකි.... ජනපති තුමනි.. ඕබ වටා සිටින බොරු වන්දිබට්ටන්ටත් ඔබගේ ඔය චරිත ලක්ෂණ ආදර්ශයට ගනිනම්..... මේ රට වාසනාවන්ත රටක් වනු නෝනුමානයි..

.

Tuesday, April 13, 2010

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!










ඔන්න ඉතින් අවුරුදු 30ට විතර පස්සේ මුලු රටම එක ධජයක් යටතේ ඉදගෙන අලුත් අවුරුද්දක් සැමරනවා. මේ අවුරුද්දේ නම් කාගෙත් හිතේ ගින්දරක් නැතිව ලිපේ ගින්දර මොලවන්න ඇති... ඉතින් ඔය අලුත් අවුරුද්දේ නිදහසේ පලමු කිරිබත් කැල්ල කනකොට අමතක නොකර මතක තියාගන්න .. අද ඔය නිදහස ලබාදෙන්න උරදිපු ප්‍රදාන නියමුවෙක් මේ වෙලාවේ කන්නේ හිරබත් කියලා. කොයි තරන්නම් අභාග්‍යක්ද? මේ රට වෙනුවෙන් සටන් වැදුනු එඩිතර විරුවන්ට එදත් උනේ මේ දේමයි.. අදත් වෙන්නේ මේ දේමයි... එසේනම් හෙට ගැන කුමන කතාද?

Sunday, April 11, 2010

නිල් බලකාය දූෂණය කළ කාන්තාව බලන්න ගිය අනෝමාට පොලිසියෙන් බාධා

නිල් බලකාය විසින් අතවරයට ලක් කළ කාන්තාවගේ සුවදුක් බැලීමට මාතර රෝහලට ගිය අනෝමා ෆොන්‍සේකා මැතිණියට අද ‍විශේෂ පොලිස් බලඇණියක් හා රහස් පොලිස් නිලධාරීන් විසින් බාධා කර ඇත. රහස් පොලිසිය හා එම ස්ථානයට යොදවන ලද විශේෂ පොලිස් බලඇණිය විසින් ඇයට පවසා ඇත්තේ මෙම කාන්තාව බැලීම සඳහා ඇයට රෝහලට ඇතුළුවීම වළක්වන ලෙස ඉහළින් නියෝග ලැබී ඇති බවයි.
නමුත් පොලිසියේ අදාල නියෝගයට විරෝධය දක්වා ඇති අනෝමා ෆොන්සේකා මැතිණිය විසින් තමන්ට එම කාන්තාවගේ සුවදුක් බැලීම සඳහා අනිවාර්යයෙන්ම යා යුතු බව පවසා ඇත. මේ අවස්ථාවේදී අනෝමා ෆොන්සේකා මැතිණිය සමඟ විශාල ජනකායක් එම ස්ථානයට රැස්ව ඇති අතර, මෙම පිරිසගේ විරෝධය හමුවේ අනෝමා ෆොන්සේකා මැතිණියට පමණක් ඇයව බැලීම සඳහා රෝහලට ඇතුළු වීමට අවසර දී ඇත. මේ අවස්ථාවේදී අනෝමා ෆොන්සේකා මැතිණියගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්ට ද ඇතුළුවීට පොලිසිය ඉඩ ලබා දී නැත.
මෙම සිදුවීම ආවරණය කිරීම සඳහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රැසක් එම ස්ථානයට රැස්ව සිටි නමුත් පොලිසිය පවසා ඇත්තේ එම ස්ථානයේ සිදු වන කිසිදු සිදුවීමක් ආවරණය කිරීමට ‍මාධ්‍යවේදීන්ට ඉඩ ලබා දින නොහැකි බවයි. පසුව අනෝමා ෆොන්සේකා මැතිණිය තනිව රෝහලට ගොස් ඇයගේ සුව දුක් විමසා ඇයට සිදුවූ අසාධාරණයට අදාල ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ඇයව දැනුවත් කර ඇත.

මහ මැතිවරණයත් ඉවරයි

ඉතිං ඔන් මහ මැතිවරණයත් ඉවරයි. ලෑබුනු ඡන්ද ප්‍රතිපලය කොකවෙතත් පත්වෙච්ච මන්ත්‍රින් ගැනනම් කතා කරලාත් වැඩක් නැ කියලා හිතෙනවා. එත් ඒ ගැන ටිකක් හරි කතාකල යුතුනිසා මෙම ලිපිය ලියන්න හිතුනා.
මේ පාර වැඩිම මනාප ප්‍රමානය ලබාගෙන තියෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා. ඒ එතුමා මාසයකටත් අඩු කාලයක් තුල ගම්පහ ප්‍රදේශයේ ඇති කලා යයි කියන සංවර්ධනය නිසා වෙන්න ඇති කියලා තමයි රටේ ඇත්තෝ නම් කතා වෙන්නේ. එත් ගම්පහ UNP යට වෙච්ච සන්තැසියනම්..... මහත්මා දේශපාලනය කරන කරු ජයසුරියට වඩා අද ඊයේ දේශපාලනයට ආපු පබා මනාප ලබාගෙන ඇත. දේශපාලනයේ පරිනත පුදිගලයන් වන ජයලත්ලාටත් වඩා පබා මනාප ලබා ගෙන ඇත. මෙයි කියවෙන්නේ කුමක්ද? එක්කෝ ගම්පහ ඉන්නේ බත් කන හරක්ද? නැතිනම් ජනපතිගේ දැත් සක්තිමත් කරන්න ගියපු මහත්මා දේශපාලනය කරන කරු ජයසුරිය වැන්න්වුන්ට වඩා පබා හොදයි කියා ඔවුන් හිතන නිසාද? තිරනය කිරිමට ඔබට බාරයි...... මෙහිදි සදහන් කලයුතු වන තවත් වැදගත් කරුනක් වන්නේ මේ රටේ ජනතාව ශිලාචාර දෙශපාලනය ප්‍රතික්ෂේප කර ඇති බවයි. ඒ කොළබින් තරග කල මිලින්ද මොරගොඩ මහතා ප්‍රතික්ෂේප වි ඇති බවත් සල්ලාල මුදල් යහමින් වියදම් කරන අය හා රේස් බුකි කාරයින්, කටින් බතල හිටවන්නන්, දුෂිතයන් , ජනතා මුදල් නාස්තිකරන එල..... න් මිලින්ද මොරගොඩට වඩා හොදබව කොළබ ජනතාව තිරනය කර ඇත. ජනමතය ලැබි හමාරය. ජනමතයට අනුව මන්ත්‍රින්ද තේරි ඇත.... අනිවාර්යයෙන්ම අනාගතයේදි මේ රට ආසියාවේ අශ්චාර්්‍යවනු නො අනුමානය...... ඔබ සැමට සුභ අනා-ගතයක් වේවා............

Monday, March 15, 2010

ස්වර්ණවාහිණියට පුවතක් පමනක් වු කළුතර දරුවා

මේ දවස් කිපය තුලම ස්වර්ණවාහිණියට උණුසුම්ම පුවත බවට පත් උනේ කළුතරදි තම මව විසින් ගගට දැමු දරුවා පිලිබද පුවතයි. මේ රටේ සුවහසක් මවුවරු මෙමෙ පුවත අසා කම්පා වු බව නම් සැබැවකි. එහෙත් එම කතන්දරය පි‍ටුපස ඇත්තේ ඉතාමත් දුක්මුසු තවත් එක් අසරන පවුලක් පිලිබද කතාවකි. එහෙත් නිවුස් නැතිව වේලි වේලි සිටි ස්වර්ණවාහිණිය වාගේ නාලිකා මේයින් ලබා ගත්තේ මහා හිරිකිත වාසියකි. රටේ වගකිවයුතු නාලිකාවක් හැටියට මෙය ඔවුනට තවත් එක් පුවතක් පමනක් වුවා මිස එම අසරණ පවුලට පිහිට විමට තරම් කාරුනික බවක් ඔවුන්ගේ එම නාලිකව තුල නොතිබිම මහා කනගා‍ටුවකි. එම මව දරුවා ගගට දැම්මේ එදවේල සොයාගැනිමටවත් හැකියාවක් නොමැති වු නිසා බව එම පුවතින් පැහැදිලිවන සත්්‍යකි. එහෙත් ස්වර්ණවාහිණියට තිබුනේ එය ප්‍රවෘතියකට සිමා නොකොට එම පවුලට පිහිට විමට හෝ එම පවුලට පිහිට විම සදහා යම් කිසි අරමුදලක් පිහිට විමය. බොරුවට මෙගා ස්ටාස් යැයි කියමින් ලක්ෂ ගනනින් මුදල් වියදම් කරනවා වෙනුවට එවාගේ දෙයක් කරානම් ... සත්‍ය නම් අපේ රටේ බඩගිනෛද මැරෙන පිරිසක් සිටිමය. එම සත්‍ය ඕය සිත කාමර ඇතුලේ සිටින උදවියට නොපෙනිමය.. අනාථ දරුවන්ගැන වැඩසටහන් කිරිමට ඕනැතරම් අය සිටි. එහෙත් ඔවුන්හට පිහිටවිමට කිදෙනෙක් නම් ඉදිරිපත් වේද?.....

Friday, March 5, 2010

ජනරාල් සරත් ෆොන්සේකා මහතා රනිල් වික්‍රමසිංහට යැවු ලිපිය

රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා
නායක
එක්සත් ජාතික පක්‍ෂය
ගරු රනිල් වික‍්‍රමසිංහ මැතිතුමනි,
රටේ උද්ගත වී ඇති ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වාතාවරණය වෙනස් කිරීම සඳහා මැදිහත්වීම
මේ වන විට අප රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නිදහස ඉතාම බරපතළ අනතුරකට ගොදුරු වී ඇති බව පසුගිය දින කිහිපය තුළ සිදු වූ සිදුවීම්වලින් පෙනේ. විශේෂයෙන්ම මේ වන විට කිසිදු චෝදනාවකින් තොරව මා අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටීමට ආණ්ඩුව කටයුතු කර ඇත. තවමත් මට එරෙහිව චෝදනා පත‍්‍රයක් පවා ඉදිරිපත් කර නැති අතර මෙය පෞද්ගලික පලිගැනීමක් නොව රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදට එල්ල කළ බරපතළ ප‍්‍රහාරයක් බව ඕනෑම අයෙකුට පැහැදිලිව පෙනේ.
මෙම ප‍්‍රශ්නයට ගොදුරු වී ඇත්තේ මා සහ මට ආධාර උපකාර කළ අය පමණක් නොවේ. පසුගියදා 'ලංකා'පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා අත්අඩංගුවට ගත් අතර ඔහු නිදහස් කරන අවස්ථාවේදී අධිකරණය ප‍්‍රකාශ කළේ ඔහුට එරෙහි චෝදනා නැති බවයි.. ලංකා පුවත්පත තහනම් කිරීමටද ආණ්ඩුව උත්සාහ දරන ලදී. ප‍්‍රකට පුවත් වෙබ් අඩවියක් වන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදියකු වන ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැර ගෙන ගොස් ඇති අතර තවමත් ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් නැත. ආණ්ඩුව දරන මතයට වඩා වෙනස් මතයක් දැරූ රාජ්‍ය මාධ්‍යවල මාධ්‍යවේදීන්ට ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය නිකුත්වීමත් සමගම ආණ්ඩුවේ පලි ගැනීමේ හස්තයට ගොදුරු වීමට සිදුවී ඇත. ඇතැම් මාධ්‍යවේදීන් සේවයෙන් නෙරපා හැර ඇත. එමෙන්ම රාජ්‍ය ආයතන ගණනාවක ආණ්ඩුවට වඩා වෙනස් මත දරන පුද්ගලයින්ට ජනාධිපතිවරණයෙන් පසුව හිරි හැර කිරීම් වාර්තා විය. මේ වන තුරුත් තමන්ගේ සේවා ස්ථානවලට යා නොහැකි තරමට විශාල පිරිසකට තර්ජන එල්ල වී ඇත. තවමත් මෙම තත්වය යහපත් අතට හැරී නැත. මෙම සිදුවීම් විසින් පෙන්වනුයේ ආණ්ඩුවේ මර්දනය කෙතරම් වර්ධනය වන්නේද යන බවයි. එමෙන්ම එය කොතැනට ගමන් කරන්නේද යන බවයි.
වැඩි විස්තර සදහා මෙතැන කොටන්න

Monday, March 1, 2010

සරත් ෆොන්සෙකා නිදහස් කිරිමට පෙත්සමක්

යුද හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කිසිදු චෝදනාවක් නොමැතිව රදවා තබාගෙන සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා රජයට බල කරමින් අන්තර්ජාල පෙත්සමක් අත්සන් තැබීමට ප්‍රජාතන්තවාදී ජාතික සන්ධානය අද කටයුතු කළේය.
මේ සදහා www.freesarathfonseka.com නමින් වෙබ් අඩවියක් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන කාර්යාලයේදී හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා විසින් අද පෙරවරුවේදී විවෘත කළේය. එහිදී පෙත්සම සදහා පළමු අත්සන අගවිනිසුරුවරයා විසින් තබන ලදී.


Blogger Templates by Isnaini Dot Com. Powered by Blogger and Supported by Lincah.Com - Nissan Cars