A

Sunday, January 31, 2010

මේක ඇත්තද.........

ජනාධිපතිවරනය ඉවරවෙලා දින කිපයක් ගතවුනත් එහෙන් මෙහෙන් ඇහෙන කට කතා නිසා මට මේ ලිපිය ලියන්න හිතුනා. මෙවර ජනාධිපතිපරනයේදි මහින්ද රාජපක්ෂ මහතා ඔහු හිතුවටත් වඩා වැඩි ඡන්ද ප්‍රමානයක් ලබාගෙන ජයග්‍රහනය කර තියෙනවා. සමහර මැති ඇමතිවරු කියලා තියනවලු මේ තරම් විශාල ඡද ප්‍රමානයකින් ජයගන්න බව දන්නවනම් වේදිකවේ උගුර ලේ රහ වෙනකම් කෑගහන්නේ නැතුව ගෙදරට වෙලා නිදාගන්නවා කියලා. ඒත් මේ ලැබි තියෙන්නේ සැබැ ජනමතයද? මෙම ජනමතය ගැන සැක සංකා සහිතව බලන්න පුලුවන් හෙතු කාරනා කිපයක් ඇත. ඉන් එක එක විමසා බලා මෙය සැබෑ ජනමතයදයි තිරනය කිරිම ඔබ සතුයි.

* වෙනදා ඡන්ද ප්‍රතිපල ලබා දුන්නේ මැතිවරන කොමසාරිස් තුමාගේ අත්සන සහිතව ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය වෙත ලබ දුන් පසු එම භුමියේ පිහිටි විවිද මාධ්‍ය ආයතන මගින් එම ප්‍රතිපලය ලබාගෙන මාධ්‍ය හරහා ජනතාවට ඉදිරිපත් කිරිමයි. නමුත් මෙදා ඉය සිදු කෙරුනේ ඉහත ආකාරයෙන් නොවේ. මෙදා සිදුකෙරුනේ ප්‍රතිපලය සජිවීව විකශය කිරිමට අවශ්‍ය මාධ්‍ය ආයතන මැතිවරන කොමසාරිස් දෙපර්තුමෙන්තුවට රු ලක්ෂ එකහමාරක් ගෙවා විශේශ ජාල පහසුකමක් ලබාගත යුතුව තිබුනා. මේ මගින් මැතිවරන කොමසාරිස්වරයාට ලැබෙන ප්‍රතිපල පරිඝනක ගතකර අදාල ජනමාධ්‍ය ආයතන වෙත ජාලකරනය හෙතුවෙන් ලබාදිමයි.

* වෙනදා ඡන්දය සදහා පරිඝනක සහාය ලබ ගැනිමට අවශ්‍ය නම් ඒ සහාය ලබා දෙනුයේ කොළබ විශ්ව විද්‍යාලයේ පරිඝනක අධ්‍යන අංශයයි. මෙදා ඔවුන්ගේ සහායද ලබා නොගෙන වෙනත් ආයතනයක සහාය ලබාගෙන ඇත.

*එමෙන්ම ප්‍රතිපල විකාශයේදි ඇතැම් දිස්ත්‍රික්කවල අවසන් ප්‍රතිපලය නිකුත් වුයේ ආසන ප්‍රතිපලය නිකුත් විමටත් ප්‍රතමවය.( උදා: කොළබ, රත්නපුර,බදුල්ල)

*26 වනදා රාත්‍රියේ මැතිවරන කොමසාරිස් දෙපර්තුමේන්තුවේ සිදු වුවා යැයි කියන ඇතැම් සිද්දි.කිසිම කෙනෙකු හට මැතිවරන කොමසාරිස් දෙපර්තුමේන්තුවට ඇතුල්විමට ඉඩලබා නොදිම.

*මැතිවරන කොමසාරිස් තම අවසන් ප්‍රතිපලය සජිවිව ප්‍රකාශයට පත් නොකිරිම.

*මැතිවරන කොමසාරිස්තුමාගේ ජනමාධ්‍ය ඇමතු කතාව. " මට මේ පාර ඡන්ද පෙට්ටියවත් ආරක්ෂා කරගන්න බැරි උනා" "මට මොනවා හරි උනොත් මම විතරයි" "මම ඉන්නේ ලොකු මානසික පිඩාවකින්" ආදි ප්‍රකාශ.
මෙම කරුනු එකින් එක විග්‍රහ කිරිමේදි සිදුවන්නේ ජනමතය කොල්ලකා ඇති බවක්ද? ඇත්ත දන්නේ මැතිවරන කොමසාරිස්තුමාය. මොනවා උනත් දැන් ප්‍රතිපලය ලැබි හමාරය. අපගේ ජනාධිපති ලෙස මහින්ද රාජපක්ෂ මහතා තව දුරටත් කටයුතු කරනු ඇත. එසේ නම් අප සැමට " සුභ අනාගතයක්"....

Saturday, January 30, 2010

60% කින් දිනුව නම් පත්ත‍ර කන්තෝරු වහන්නේ ඇයි? - මංගල සමරවීර

ජනාධිපතිවරණයෙන් 60% ක ජන වරමක් ලැබුවා යැයි පවසන ආණ්ඩුව මේවන විට සත්‍ය කතාකරන පුද්ගලයන් සහ ආයතන දඩයම් කරමින් සිටින බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශ්වයේ නායක මංගල සමරවීර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ මුද්‍රා තැබූ ලංකා පුවත්පත් කාර්යාලය නිරීක්ෂණය කිරීමට පැමිණිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, "මීට දින කිහිපයකට ප්‍රථම පැවැති ජනාධිපතිවරණයේ පැහැදිලිවම සැබෑ ජන මතය විකෘති කළා, ඒ නිසාම රාජපක්ෂ ආණ්ඩුව ජයග්‍රාහී ආණ්ඩුවක් ලෙස කටයුතු නොකර සත්‍ය කතා කරන පුද්ගලයන් වෙනුවෙන් ආයතනයන් වෙනුවෙන් මහා දඩයමක් ආරම්භ කරලා තියනවා. ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව දඩයමක් ආරම්භ කර තිබෙනවා. ඉඩියමින්ගේ මුගන්ඩා පාලනයේ මුල සමය හා සමාන ම්ලේච්ච පැසිට් පන්නයේ පාලනයක් ආරම්භ කර තිබෙනවා මීට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනා නැගී සිටිය යුතුයි." යැයිද ප්‍රකාශ කළේය

මාධ්‍ය නිදහස

ඊයේ පස්වරුවේ "ලංකා" පුවත්පත් කාර්යාලයට මුද්‍රා තැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ලංකා ඉරිදා සංග්‍රහය සහ සති මැද ලංකා පුවත්පත මුද්‍රණය සහ පලකිරීම වාරණය කළ වාරණ නියෝගයක් ලංකා ෆාස්ට් පබ්ලිෂර් ආයතනයේ සාමාන්‍යාධිකාරිවරයාට ලබාදී තිබේ.
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ එම නියෝගයට අනුව පුවත්පත මගින් රාජ්‍ය ආරක්ෂාවට හානි පැමිණවිය හැකි සහ ත්‍රස්ත ව්‍යාපාර පිළිබඳව පවත්වාගෙන යනු ලබන විමර්ශණ වලට අදාල කරුණු අනාවරණය වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම නියෝගය නිකුත් කර තිබේ.
ඒ අනුව 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ වගන්ති 124 ප්‍රකාරව අධිකරණයට පැවරී ඇති බලතල අනුව ලංකා පුවත්පත අධිකරණයේ අවසරයකින් තොරව මුද්‍රණය කිරීම සහ පල කිරීම තහනම් කර තිබේ.
වැඩි විස්තර සදහා මෙතනින් යන්න.

Friday, January 8, 2010

ශ්‍රි ලංකා වරාය අධිකාරියේ හපන්කම්

ශ්‍රි ලංකා වරාය අධිකාරියේ හපන්කම්.
මට මේ ලිපිය කියවන්නට ලැබුනේ www.anticorruptsl.com නැමති වෙබ් අඩවියේ තිබිලා.
මේ ලිපියේ සදහන්කර ඇති ආකාරයට රාජපක්ෂ පරපුර මගින් වරායට රු කෝටි 1000 ක්පමන අහිමි කිරිමට සමත් වෙලා.
එම ලිපියේ තිබු ආකරයට 2007 වසරේදි වරාය ලබා තිබු ශුද්ධ පාඩුව රුපියල් මිලියන1850ක ප්‍රමානය 2008 වනවිටදි රිපියල් මිලියන 10,035ක් දක්වා වැඩි වි ඇත.එනම් එය 2007 වසරට වඩා හත්ගුනයකින් ඉහල ගොස් ඇත.
මේ පිලිබද වැඩි විස්තර හා තවත් රසවත් ගැහිලිගැන දැනගන්න අවශ්‍යනම් www.anticorruptsl.com යන වෙබ් අඩවියට පිවිසෙන්න. ...... හොද හොද සෙල්ලං එලිවෙන යාමෙටලු. :-)



Blogger Templates by Isnaini Dot Com. Powered by Blogger and Supported by Lincah.Com - Nissan Cars